Colombo Today Local News

ඉන්දියාවෙන් අපට දුන්න ගිලන්රථ සුපිරියි.. දැන් දොස් කියන අයත් පස්සේ හොදයි කියයි – අගමැති

ajij55
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ කාර්යක්ෂම ගිලන් රථ සේවාවක් බවත්, රෝගියා රෝහලට ගෙන එන තෙක් ඔහු ජීවත් කරලීම සදහා අවශ්‍ය වන සෑම පහසුකමක්ම සහිත අංගෝපාංග මෙම ගිලන් රථවල ඇති බවත්, මේ ඇරඹෙන්නේ ජීවිත බේරාගැනීමේ සේවයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉන්දීය සමාගමක් මගින් මෙරට ආරම්භ කළ ගිලන් රථ සේවාවේ සමාරම්භක අවස්ථාවට ගාලු මුවදොර ක්‍රිඩාංගනයේදී එක්වෙමිනි.

වසර තුනකට පෙර මෙම ගාලු මුවදෙර පිටිය වැලි කොට්ට දමා සංවිධානය කළ ලැම්බෝගිනි මෝටර් රථ ධාවන තරගයේදී දෙතුන්දෙනකු ඊට යටවී තුවාල ලබා මියගිය බවත්, එදා රාජපක්‍ෂ යුගයේ නයිට් රේස් සඳහා යොදාගත් ගාලු මුව‍ෙදාර පිටියෙන් යහපාලන රජය යටතේ රට තුළට ක්‍ෂුද්‍ර රෝහලක් පිටත්ව යන බවත්, ඒවා රට තුළට මුදාහරින්නේ අසරණ මිනිස් ජීවිත බේරා ගැනීමට බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

“නයිට් රේස්” පැවැත්වූ ස්ථානයේ තුවාලකරුවන් ළඟම ඇති රෝහලට ගෙනගොස් දැමීම සඳහා ඒ යුගයේ හෙලිකොප්ටර් පවා නවත්වා තිබුණා. නමුත් අෑත ගම්මානවල හදිසි අනතුරක් සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? ගසකින් වැටී තුවාල ලැබුවහොත් සිදුවන්නේ කුමක්ද? හදිසියකට ගිලන් රථයක් සොයාගන්නවත් බැහැ. ගිලන් රථ සොයාගත්තත් ඒවා හොඳ තත්ත්වයේ නැහැ. යැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

විභාග මධ්‍යස්ථාන වෙත යන්න අපහසුතා ඇති මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Admin

සාම්පූර් සිද්ධියේ වරද හමුදාවට පැටවෙයි! ඇමති පිරිසක් හමුදාවට එරෙහිව අගමැතිට ගතු කියයි.. වහාම වාර්තාවක් කැදවයි

colombotoday

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday