Colombo Today Local News

සාම්පූර් සිද්ධියේ වරද හමුදාවට පැටවෙයි! ඇමති පිරිසක් හමුදාවට එරෙහිව අගමැතිට ගතු කියයි.. වහාම වාර්තාවක් කැදවයි

ranil

නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් විසින් නාවික හමුදා උසස් නිලධාරියෙකුට අශීලාචාර ලෙස බැණ වැදීමේ සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසට අගමැතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.

සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ ක්‍රියාකාර ඇති ආකාරය පිළිබදව ඇමති පිරිසක් විසින් අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාට කරුණු දක්වා ඇති අතර, අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියාවේ සංචාරයට පිටත්ව යෑමට පෙර ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හා නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන යන මහත්වරුන් කැඳවා නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග දුරකථනයෙන් කථා කොට සිද්ධිය සමථයකට පත් කර තිබියදී ආරක්ෂක අංශවල ඇතැම් නිලධාරීන් ගැටලු මතුවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට මෙහිදී අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරුන් කළ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශය වෙත මෙම නියෝගය සිදුකර ඇත. හමුදා කඳවුරුවලට ඇතුල්වීම තහනම් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිම පුද්ගලයකුට එවැනි තීරණ ගත නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

Related posts

පයිප්පය බටයක් තෙල් පෝලිමක නවතා තිබු මෝටර් රථය පසාරු කරගෙන ගිහින්

colombotoday

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

Admin

මීගමු ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාල භූමියේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

colombotoday

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday