Colombo Today Sports News

ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ශ්‍රී ලංකාවට | ශ්‍රී ලංකා – ඉන්දියා තරගය හෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය හෙට (06)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (06) රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයේ මුහුණ දුන් පළමු තරග ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම සුපිරි වටයේ පළමු තරගයේදී පාකිස්ථානය හමුවේ පරාජයට පත් විය.

ඒ අනුව සුපිරි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන තවදුරටත් රැදී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව තිබේ.

ප්‍රසාද ලකුණු දෙකක් සමග ශ්‍රී ලංකා පිල පළමු ස්ථානයේ රැදී සිටින අතර, පාකිස්ථානය දෙවන ස්ථානයේ රැදී සිටියි.

Related posts

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

colombotoday

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC තරඟ තහනමක්

colombotoday

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය අද

colombotoday

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් තරගය අද

Admin