Colombo Today Local News

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම මෙරට අය-වැය පරතරය අවම කිරීම, නම්‍යශීලී විනිමය අනුපාත සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ඇතුළුව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසුම්වල තියුණු වෙනසක් සංඥා කරන්නේ යැයි පෙනෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

එම ආයතනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන තුරු, නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගන්නා තුරු සහ පුද්ගලික ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට සද්භාවයෙන් උත්සහ දරන තුරු මෙරටට ලබා දීමට එකඟ වූ විස්තීරණ අරමුදල් පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත නොකරනු ඇති බව ය.

ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ වුව ද රටේ දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යාධාර ලබා ගැනීමට අවදානමක් මතු කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය අවධාරණය කර තිබේ.

එම ආයතනය සඳහන් කරන්නේ, මහජන විරෝධය වැළැක්වීමට ශ්‍රී ලංකා රජය අමතරව වැය කරන සමාජ වියදම් ප්‍රමාණවත් නොවිය හැකි බව ත් සිය තක්සේරුවට අනුව රජය මහ ජනතාවට ලබා දෙන සහය දුර්වල බව ත් ය.

මේ අතර වත්මන් දුෂ්කරතාවන්ට, ණය බර ලිහිල් වීමට සහ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට දරන උත්සහයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය සඳහා අඛණ්ඩව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට තමන් සූදානම් බව චීනය පවසයි.

Related posts

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday