Colombo Today Local News

පස්සේ සගවා ගත් රත්‍රන් එක්ක ඇඹරෙද්දී කෝටි 17ක රත්තරන් කටුනායකදී මාට්ටු

රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්රැම් 08 යි ග්රැම් 500 ක් බරැති රත්තරන් තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (30) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.

මොවුන් උදෑසන 07.40 ට ඕමානයේ මස්කට් නුවර සිට, ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මේ අතරින් කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුවළක් සහ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම භාණ්ඩ තබාගෙන යන ට්‍රොලි රථය තුළ ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන කිලෝ ග්රැම් 07 යි ග්රැම් 500ක් බරැති රත්තරන් තහඩු 03ක් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් ඇත.

එහිදී මෙම 50 හැවිරිදි පුද්ගලයා මෙම රත්තරන් තහඩු, ගුවන් තොටුපළ ට්‍රොලි රථයේ සූක්ෂම ලෙස සැගවීමට කටයුතු කළ පුද්ගලයා බවට රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.

තවද කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තම සිරුරේ, ගුද මාර්ගයේ සගවා ගෙන කිලෝ ග්රැම් එකක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් සහ රන් බිස්කට් හතරක් නීතිවිරෝධී ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබුණි.

මොවුන් සියලු දෙනාම කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී, මොවුන් ගමන් කරමින් සිටි විලාසයේ වෙනසක් පෙන්නුම් කිරීම නිසා, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සෞඛ්‍ය වර්තා අනුව

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

සහරාන්ගේ නායකයා කවුද? බොදු බල සේනා හෙළිකරති

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

colombotoday

නිලධාරීන් බිය විය යුතු නැහැ – ජනපති

colombotoday