Colombo Today Local News

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 5ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට පැමිණි වයස අවුරුදු 43 හැවිරිදි සැකකරුවෙකි.

සැකකරු කොකේන් ගුලි 80 ක් පමණ ගිල දමා ඇති අතර මේ වනවිට කොකේන් ගුලි 17 ක ශරීරයෙන් ඉවතට ගෙන ඇත.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරදුන් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday

ගොවියන්ගෙන් කප්පම් ඉල්ලන්න ආ මඩු දේවස්ථානයේ පියතුමාට ගොවීන්ගේ විරෝධය

colombotoday

ගණිත ගැටළු සරලව විසදන උපකරණයක් හදා රටේ නම ලෝකයට ගෙන යන යාපනේ සෝමසුන්දරම්

colombotoday

වසාදැමුණු ගුවන්තොටුපළ නැවත විවෘත කිරීමට අවධානය

colombotoday

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday

දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin