Colombo Today Local News

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කැළණිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙක්.

ඩුබායි සිට අද (27) උදෑසන පැමිණි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු විසින් මෙම රන් බිස්කට් තොගය, කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී මෙම ආරක්ෂක නිලධාරීවරයාට ලබා දෙන්නට ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පළ කරයි.

මෙම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයා මෙම රන් බිස්කට් තොගය තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය පසු කර ගෙන යෑමට උත්සාහ දරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ආරක්ෂක නිලධාරීවරයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin

රනිල් ජනපති වීම රට කැලැඹීමටත් ලේ විලක් දක්වා තල්ලු කිරීමට සමත් වෙයි.. මොළේ කළඳක් හෝ ඇත්නම් ඉල්ලා අස්විය යුතුයි – නීතිඥ සුනිල් වටගල

colombotoday

ගල් අඟුරු නිධි පවතින රටවල් ගල් අඟුරු බලාගාර වසා දමන පසුබිමක ලංකාව සාම්පූර් බලාගාරය පණගන්වන්නේ ඇයි?

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

හයිකෝප් නඩුවෙන් ෆීල්ඩ් මාෂල් බෑණා නිදොස් කොට නිදහස්

colombotoday