Colombo Today Local News

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කරයි

අමෙරිකා එක්සත් ජනපදය ඉහළම කොවිඩ් රටවල් අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබේ.

අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සිව්වන මට්ටම දක්වා පැමිණ ඇති බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ද එම මධ්‍යස්ථානය ඇමෙරිකානු වැසියන්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.

අත්‍යවශ්‍ය හේතුවක් මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකු වේ නම් එම පුද්ගලයා පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සදහන් කරයි

.

Related posts

ගොඩගත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරේ.

colombotoday

එන්නත් මාත්‍රා තුනම ලබාගත් ආසාදිතයෝ දින 4කින් රාජකාරියට

colombotoday

ජී.එල්, දිනේෂ්, ඩලස් සහ කෙහෙළිය ගේ අමාත්‍යංශ වෙනස් වෙන හැඩ

colombotoday

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

colombotoday

මන්නාරමේ කතෝලික පල්ලියකට ප්‍රහාරයක්.. මුස්ලිම් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

කොරෝනා එන්නත මෙරටදීම නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday