Colombo Today Local News

ජනාධිපති මන්දිරයේ දේපළවලට අලාභ හානි කල 32 ක් හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

ජූලි 9 වන දින ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාශය අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කරයි.

ඒ අනුව, එම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් 32 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා තිබේ.

අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

071-8591559 / 071-8085585 / 011-2391358 / 1997

Related posts

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

colombotoday