Colombo Today Local News

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

Surgery-Operation-Theatre-Doctors

නාගොඩ රෝහලේ දී සිය බිරියගේ දකුණු පියයුරේ තිබූ ගැටිත්ත වෙනුවට වම් පියයුරේ ශල්‍යකර්මයක් කළ වෛද්‍යවරයකුට ඒ බව කී පසු දකුණු පියයුරේ තිබූ ගැටිත්ත ඉවත් කිරීමට නැවත සැත්කමක් කිරීමෙන් බලවත් වරදක් කළ ඇතැයි මතුගම අගලවත්තේ පදිංචිකරුවකු පැමිණිලි කළ බව අගලවත්ත පොලිසිය පවසයි.
දකුණු පියයුර වෙනුවට වම් පියයුරේ ශල්‍ය කර්මය කර ඇතැයි වෛද්‍යවරයාට දැනුම් දුන් විට ‘‘මට වැඩ වැඩියි“ යනුවෙන් එම වෛද්‍යවරයා සිය බිරිඳට පවසා ඇතැයි ද යළි සිය බිරිඳ සිහි නැති කර සැත්කමක් කළේ යැයි ද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කැර ඇත.
කළුතර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට කියා සිටියේ සිද්ධියට අදාල වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගත් බවයි. පියයුරු දෙකේම ගැටිති තිබූ බවත් එබැවින් ඒ දෙකේ ම කොටස් ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බවත් වෛද්‍යවරයා කීවේ යැයි රෝහල් අධ්‍යක්ෂ කියයි.

Related posts

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

colombotoday

රැවුල වැවීම තහනම්, මුහුණ වැසීම තහනම්.. චීනය මුස්ලිම් අන්තවාදයට බැට දෙයි

colombotoday

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday