Colombo Today Local News

වාද්දූව වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු 2ක් ගොඩගසයි

වාද්දූව, පොහද්දරමුල්ල හා පොතුපිටිය වෙරළවලට මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබේ.

පොහද්දරමුල්ල ගොඩගසා ඇත්තේ, කිලෝ 40 කට අධික බරකින් යුත් පොතු කැස්බෑවෙකි.

පොතුපිටිය වෙරළ තීරයට ද මිය ගිය කැස්බෑ සිරුරක් ගොඩ ගසා තිබිණ.

කිලෝ 15 ක් පමණ බරින් යුත් මෙම කැස්බෑව බටු කැස්බෑවෙකු බව වන ජීවී නිලධාරීහු පැවසූහ.

වන ජීවී නිලධාරීන් පැමිණ කැස්බෑ සිරුරු පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබේ.

පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා මෙරට වෙරළ තීරයට ගොඩගසා තිබූ මිය ගිය කැස්බෑවන් මළ සිරුරු සංඛ්‍යාව 17 කි.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කල්පිටියේ සිට හම්බන්තොට දක්වා මුහුදු වෙරළ ප්‍රදේශයේ කැස්බෑවන්ගේ සිරුරු ගොඩ ගසා ඇත්දැයි තවදුරටත් පරීක්ෂා කරන බවයි.

සොයා ගන්නා ලද කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පැවරීමට නියමිත අතර මේ වන විටත් නඩු 08 ක් ගොනු කර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මේ අතර පසුගිය දිනවල මෙරට වෙරළ තීරයට ඩොල්ෆින් සත්වයින් 3 කුගේ සිරුරු ද ගොඩගසා තිබිණ.

Related posts

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

colombotoday

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

Admin

සුරා සැල් තවදුරටත් වැසෙයි

colombotoday

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday