Colombo Today Local News

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

sarath-fonseka-first-press-conference-after-release-from-bail-2විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි කීමට තමන් තවදුරටත් බිය නොවන බව ෆීල්ඩ් මාෂල් සර්ත් ෆොන්සේකා මහතා පවසයි. හෙතෙම ඇවන්ට්ගාඩ් සිද්ධියෙන් අල්ලස් ගත් අයෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා පවසා ඇතැයි ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

ඇවන්ගාඩ් ආයුධ නෞකාව අත්අඩංගුවට ගත්තේ පොලීසිය ලකුණු දමා ගැනීමට යැයි තිලක් මාරපන ඇමතිවරයා කියන්නේ නම් පොලීසියේ ක්‍රියාකලාපය ගැනද පරීක්ෂණයක් කළ යුතු යැයි පවසන හෙතම ඇවන්ගාඩ් සිද්ධිය පිටුපස වජිර අබේවර්ධන ඇමතිවරයාද සිටින බව චෝදනා කරනවා.

මෙම නැව කටයුතු කර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍රීය නීතිවලට පටහැනිව බවත්, එසේ නීති කඩ කර කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ සලසාදීමට ආරක්ෂක අමාත්‍යංශයේ සිටියේ කවර ජගතෙකුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

එච්.එන්.ඩී.ඒ සිසුන් ගල්මුල් වලින් පහරදීම වැරදි බවත්, පොලිසිය ද අවම බලය යැයි කියමින් ඔවුන්ට පන්න පන්නා පහරදීම වැරදි බවත්, ඔහු පැවසුවේය.  එම පහරදීමට ඉහළින් අණක් ලැබෙන්නට නැතැයි පැවසූ ෆොන්සේකා මහතා එය එතනට ආව ඉහළ නිලධාරීන් ගත් තීරණයක් විය හැකි බවද කියා සිටියේය.

Related posts

කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

colombotoday

ත්‍රස්ත සැකකරුවන්ට ඇප දුන්නේ පොලිසියේ විරෝධය මැද – වැල්ලම්පිටිය OICගෙන් පැමිණිල්ලක්…

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin