Colombo Today Local News

මහින්ද වසර දහයකින් කළාට වඩා සජිත් මාස දහයකින් කළා

අම්පාර දිස්ත්‍රික්කය තුළ පසුගිය දස වසර තුළ ඉදිකළ නිවාස මෙන් පස් ගුණයක් නිවාස දස මාසයක් තුළ ඉදිකිරීමට සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට හැකි වූ බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (30දා) පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇත්තේ නිවාස දෙසියයක් පමණයි. නමුත්, සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මේ වන විට නිවාස දහසක් පමණ ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා” යැයි දයා ගමගේ මහතා පැවැසීය.

Related posts

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday

රුසියානු තේ තහනම් ඉවතට !

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති

colombotoday