Colombo Today Local News

කොරෝනා එන්නත් එක් මාත්‍රාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් දින 90යි

කොරෝනා මර්ධන එන්නත් එක් මාත්‍රාවකින් මාස තුනකට රෝගය වැළඳීමේ ප්‍රවනතාව අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ.

එසේම යම් ආකාරයකින් රෝගය වැළඳුනහොත් සංකූලතා මතුවීම අඩු බවත් පුද්ගලයකුට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව බවත් සඳහන් කර ඇත.

මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලබාගත් වැඩිහිටි පුද්ගලයන්ට එහි දෙවන මාත්‍රාව නිර්දේශිත කාලයේ ලබාදීම වැදගත් බවත් ඇය පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ වයස අවුරුදු 30 සහ 40 යන වයස් අතරේ සිටින එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ගොඩනැගෙන නමුත් වයස් ගත පුද්ගලයන්ගේ සැලකියයුතු මට්ටමකින් ප්‍රතිශක්තිය ගොඩ නැගී නොමැති බව පෙනී යන බවත් සඳහන් කර ඇත.

Related posts

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday