Colombo Today Local News

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

මෙවර නත්තල් උත්සවය සැමරීමට ජනතාවට ආර්ථික තත්වයක් නැති බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද(20)දින පැවසීය.

ලෝ වාසීන්ට හා ලක්වාසීන්ට නත්තල බොහොම සතුටුදායක දිනයක් වුවත් රටට සෞභාග්‍ය උදාකර දීමට පැමිණි ආණ්ඩුව ජනතාවගේ සතුට පැහැරගෙන ඇති බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.

නත්තල සැමරීම තබා ජනතාවට එක් වේලක් හෝ ලබාගැනීමට නොහැකි තරමට රටේ ආර්ථිකය බංකොලොත් වී ඇතැයි ද ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

රජයේ අසාර්ථක තීරණ වලට හැටනම ලක්ෂය ලක්ෂ ඇතුළු රටේ සමස්ත ජනතාවටම වන්දි ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

colombotoday

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin

නියං ආධාර ලෙස බෙදූ පාකිස්ථාන් හාල්වල ප්ලාස්ටික් ??

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday