Colombo Today Local News

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කතානායකවරයා අද (08)පෙරුවරුවේ අත්සන් තබා තිබේ.

මෙම පනත් කෙටුම්පත පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මෙම කෙටුම්පත ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ නවීන ගවේෂණ සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛනිජ තෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම් ලබා ගැනීම හා ඊට සම්බන්ධ අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

ඒ අනුව 2021 අංක 21 දරන මෙම ඛනිජ තෙල් සම්පත් පනත අද(08)දින සිට බලාත්මක වනු ඇති.

Related posts

කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’

colombotoday

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday