Colombo Today Local News

ඇමති ඩග්ලස් දේවාන්නදා ගේ ඉල්ලීමෙන් ඉරණතිව් දුපතේ කොරෝනා සිරුරු භූමදානය නවතී

කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන තිබූ තීරණය ඉවත් කර ගෙන ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා සඳහන් කරයි.

ඉරණතිව් දුපතේ කොරෝනා මරණ භූමදානය කිරිමට ගෙන ඇති තීරණය නතර කරන්නැයි තමන් ජනාධිපතිවරයා හා අග්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඉරණතිව් දුපතේ කොරෝනා මරණ වළ දැමීම නතර කර ඒ වෙනුවට කොරෝනා මරණ භූමදානයට මඩකළපුව ඔට්ටමාවඩි සුඩුපත්තිනසේනෙයි ප්‍රදේශයේ ඉඩම තෝරා ගත් බවත් දේවාන්නදා මහතා කියයි.

කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානයට ගෙන තිබු තීරණය නතර කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කරමින් නිකුත් කර තිබුණු මාධ්‍ය නිවේදනයේ ඔහු මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරණතිව් දුපත ආර්ථිමය වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි දුපතක් බවත් එවැනි දුපත් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්ය.

Related posts

මහයියාවට සංචරණ සීමා

colombotoday

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

colombotoday

ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට රුධිර බහාලුම් බෑග් පරිත්‍යාගයක්

colombotoday

අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගය

colombotoday

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

colombotoday

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday