Colombo Today Local News

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

තඹුත්තේගම ප්‍රදේශයේ දී වන නිලධාරියෙකු ඇතුළු අට දෙනෙකුට වරින් වර මරු කැඳවූ නියපොත්තා නමැති අලියා වනජීවී නිලධාරින් විසින් අල්ලා ගනු ලැබ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට අද (29)දින ගෙනයනු ලැබීය.

වනජීවී නිලධාරින් මෙම අලියා අල්ලා ගැනීමේ මෙහෙයුමෙහි මාස11කට ආසන්න කාලයක් නිරතව සිටි අතර එම මෙහෙයුම් ආරම්භකළ ඉකුත් ජනවාරි මාසයේ දී මෙම අලියා අතින් වනජීවී නිලධාරියෙක් ද ඝාතනය විය.

මේ වනවිට ඔවුන්‍ගේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ද ආරම්භ වී ඇති නමුත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා‍ගේ ඉල්ලීම මත මෙම මෙහෙයුම අවසන් කළ බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

තඹුත්තේගම හා ආසන්න ප්‍රදේශයන්හි වගාවන්ට විශාල ලෙස හානි කළ මෙම අලියා ප්‍රදේශවාසින් හත් දෙනෙකුට ද මරු කැඳවා තිබිණි.

මෙම අලියා අල්ලා ගැනීමට නොහැකි වූයේ ඌ වටා ආරක්ෂාවට තවත් අලින් හතර දෙනෙකු නිරන්තර ආරක්ෂාව සපයමින් සිටි බැවින් යැයි ද නිර්වින්දන වෙඩි නියපොත්තාට නොවදින පරිදි එම අලි හතර දෙනා ආරක්සාව සපයමින් සිටි අන්දම විශ්මය ජනක යැයි ද හරිස්චන්ද්‍ර මහතා කීය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යවරයා සමග තමන් ද ඉකුත් 28 වැනිදා සිදුවූ අලියා අල්ලා ගැනිමේ මෙහෙයුම බැලීමට ගිය බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ හෝ නිර්වින්දන වෙඩි දෙකක් එම අලියාට තබන්නට වනජීවී නිලධාරින් සමත් වුවත් එයින් අලියා වැටෙන්නට යද්දී දෙපැත්තේ සිටි අලි දෙන්නා ඔහුට හේත්තු වී වැටෙන්නට නොදී තබාගෙන සිටි බවත් මේ තත්ත්වය යටතේ ඉතා අසීරු මෙහෙයුමක් සිදුකරමින් වනජීවී නිලධාරින් අලියා අල්ලා ගත් බවත් ලේකම්වරයා සදහන් කළේය.

මෙම අලියා නියපොත්තා නමින් හඳුන්වන්නේ ඔහුගේ එක් නියපොත්තක් වඩාත් වැවී ‍අඩි සළකුණුවල හොඳින් සටහන් වන බැවිනි.

Related posts

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

colombotoday

‍යුක්තිය කියන්නේ බෝඩ් ලෑල්ලක් විතරයි

Admin

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday