Colombo Today Local News

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

පනාමුර, මුල්ඇඩියාවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , 41 හැවිරිදි මුල්ඇඩියාවල , ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ 27 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් ඊට හේතුවයි.

සැකකරුගේ නිවසේ සිටි සුනඛයෙකු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකු සාපා කා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, එහිදි ඇතිවූ ආරවුලක් මත මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිදට තියුණු ආයුධයකින් පහරදී ඇති බවය.

පසුව සැකකරු විසින් පොරොවකින් හා කැත්තකින් පහරදි බිරිඳට පහරදුන් සිය සහෝදරයා ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

කොළඹ පිටකොටුවේ ලංගම බස් රථ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර මිහිපිට අපායක්

colombotoday

සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කරලා දුන්න මුස්ලිම් ජාතිය දැන් කොන් කරන්න හදනවා. – අගමැති රනිල් කියයි

colombotoday

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday