Colombo Today Local News

මාතර දී හෙරොයින් කිලෝ 75 ක් අත්අඩංගුවට – හරක් කටාගෙ බවට සැකයක්

මාතර දෙනගම මුලටියන පාරේ දී ඊයේ (10)දින අලූයම අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ 75 ට ආසන්න ප‍්‍රමාණය දැනට විදේශ රටේ සැගව සිටින රුවන් චින්තක හෙවත් ‘‘හරක්කටා’’ නැමැත්තා ට අයත් මත්කුඩු බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම මත්කුඩු ඉමදුව දොස්තරවත්තේ වළදමා තිබීයදී ඉවතට ගත් මත්කුඩු බවට සැකකරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම මත්කුඩු ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුවළ අතර සැකකාරිය මහනුවර සිදුහුම්පොළ පදිංචි (38) හැවිරිදි කාන්තාවක් බවත්, සැකකරු මීගමුව කට්ටුව ප‍්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි තරුණයෙක් බවද හෙතෙම කියා සිටියේය.

මොවනු අතරමදියන් වශයෙන් හෙරොයින් ප‍්‍රවාහණ කරන්නන් බවට සැකකරන බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

Related posts

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

කිරි හරක් ගෙන්වීමට විදේශ රටකින් ගත් කෝටි 131ක් පුද්ගලික සමාගමකට දිලා….

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday