Colombo Today Local News

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කටයුතු ඉදිරි සතිය වනවිට අඩාළවනු ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි.

බාහිර රෝගී අංශයෙන් පවත්වනු ලබන සායන කටයුතුද ක්‍රමවත් අයුරින් සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඉන්ධන අර්බුදය සමග වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය රාජකාරියට නොපැමිණීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී තිබේ.රෝහල් කාර්ය මණ්ඩලයට රෝහලට පැමිණීම සඳහාවත් පොදු ප්‍රවාහන සේවාවක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.

මේවන විට සැත්කම් සහ රෝහලේ අනෙකුත් කටයුතු ඉතා අසීරුවෙන් සිදුකරන බවත්, පවතින තත්ත්වය යටතේ ඉදිරියේදී එම තත්ත්වය උග්‍රවනු ඇති බවද ඔහු කියා සිටි.

රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා ලබා දීමට ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ආධාරකරුවන් විසින් දෙනු ලබන ඖෂධ මේ දිනවල ලබාදීමට කටයුතු කර තිබේ.

Related posts

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday