Colombo Today Local News

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

ඩොලර් අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ගමන්කර ඇතැයි ලොව ප්‍රකට ව්‍යාපාරික පුවත් සේවයක් වන ‘බ්ලුම්බර්ග්’ පෙන්වා දෙයි. පසුගිය සතියේ නිකුත් කෙරුණු දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 54% සීමාව ඉක්මවා යෑම මෙලෙස රට තුළ අධි උද්ධමනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව බ්ලුම්බර්ග් පුවත් සේවය පවසයි.

මෙරට ඉතිහාසයේ පළමු වරට උද්ධමනය 50% සීමාව ජූනි මාසයේදී මෙලෙස ඉක්මවා ගොස් තිබිණි. එහි අර්ථය වන්නේ පෙර මාසයට වඩා ජනතාවගේ ‘ක්‍රය ශක්තිය’ හෙවත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් ජූනි මාසයේදී අඩුවී ඇති බවයි. ඉදිරියේදී විදුලි බිල ඇතුළුව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට නියමිත බැවින් මෙම අධි උද්ධමන තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ජනතාව මත දැඩි පීඩනයක් පැටවෙනු ඇතැයිද බ්ලුම්බර්ග් වාර්තාවේ සඳහන් වේ.

“ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින ශ්‍රී ලංකාව පසුගිය සතියේ ඉන්ධන සැපයීම සීමා කළ අතර, ඉල්ලුම අඩු කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා නිවසේ රැඳී සිටින ලෙස රට වැසියන්ට දැනුම් දුන්නේය. පසුගිය සතියේ ගෙවිය යුතු මුදල් සඳහා සැපයුම්කරුවන් බලකර සිටින බැවින් රටට මුදල් සඳහාවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.” යැයි බ්ලුම්බර්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday