Colombo Today Local News

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (ජූලි 21)දින මෙරටට පැමිණ තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බව ඔහු එහි සඳහන් කර තිබේ.

මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිත ය.

එමෙන් ම, අදාළ ට්විටර් පණිවිඩයේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ලබා ගැනීම සඳහා වන අංක තහඩු ක්‍රමය සහ කෝටා ක්‍රමය බලාත්මකව පවතින බව ත්, ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් වන QR කේත පරීක්ෂාව සහ ලියාපදිංචිය දිගට ම සිදු කරමින් පවතින බව ත් ය.

Related posts

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනී

colombotoday

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

colombotoday

දින 3ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Admin

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර දීලා – මවක් හදිසි ප්‍රතිකාර ඒකකයට

colombotoday

එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලපෑම්වලට එරෙහිව ජනිපෙ අද කොළඹදී වීදි බසී !

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday