Colombo Today Local News

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(7) උදෑසන අරලියගහ මන්දිරයේ දී පැවති කණ්ඩායම් රැස්වීමකදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරියක් සහ ප්‍රබල අමාත්‍යවරයෙකු ජනපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමඟ මතභේදාත්මක සංවාදයක් ඇති කරගෙන තිබේ.

ඒ පොලිස් ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එම අදාළ අමාත්‍යවරුන් දෙදෙනා කළ නිර්දේශයන් වලට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විරුද්ධත්වය පළ කිරීම හේතුවෙනි.

එහිදී ඔවුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේදීම පවසා ඇත්තේ පොලීසිය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවය.

පසුව ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් ජනපතිවරයා ඉදිරියේම සරත් වීරසේකර අමාත්‍යවරයාට දොස් පවරා ඇති අතර එහිදී සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, මෙරට තුල බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමට නම්, පොලීසිය දේශපාලනීකරණය නොකොට එය නිසියාකාරව පවත්වාගෙන යාමට තමන්ට අවසර ලබාදෙන ලෙස ය.

පසුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද එකඟතාවය පළ කර තිබෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

හයිය පෙන්වු VIP රැකවලුන් ගැන විමර්ශන අරඹන්න CCDයට නියෝගයක්

colombotoday

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් උතුරේ සංචාරයක

Admin