Colombo Today Local News

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

රත්නපුර වේ ගගේ මැණික් කැණීම සඳහා අවසර දීමට මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තීරණය කර තිබේ.

මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ, මේ යටතේ දෑල පාලම සිට එරබද්දාව දක්වා ගඟ ඉහළට මැණික් කැණීමට අවසර ලබා දෙන බවය.

දිගු කාලයක සිට වේ ගගේ නීති විරෝධී මැණික් ගැරීම් සිදුවූ බව සභාපතිවරයා පැවසුවේය.

මේ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

නව ක්‍රමවේදය යටතේ කැබලි 53කට බෙදා ගං දැලේ මැණික් කැණීමට අවසර දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි වූ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක්!

colombotoday

SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් වල සවිස්තර වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

colombotoday