Colombo Today Local News

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාට සහ ලේලියට අධිකරණය මගින් අද (8)දින ඇප ලබා දී තිබේ.

සැකකරුවන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම වී ඇත.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දි ද සිල්වාට ජූනි 1 වන දා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි.

පසුව සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය ජූනි 6 වන දා පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් විය.

අනතුරුව සැකකරුවන් අද (8) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

Related posts

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක් !

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday

රිෂාඩ් බදුර්දීන් බේරාගන්න තවත් උත්සහයක්. | සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතළිහක් අත්සන් තබති.

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday