Colombo Today Local News

දරුවන්ට කොවිඞ් එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතුයි – මහාචාර්ය තිස්ස විතාරණ

දරුවන් සඳහා කොවිඞ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත් එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටි.

දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත් එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවත් ඒ මහතා කීවේය. මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ෆයිසර් එන්නත කොවිඞ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත් සයිනොෆාම් එන්නත අක‍්‍රීය කරන ලද කොවිඞ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ මහතා පවසයි.

දැනට කොවිඞ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී ඇති බවත් ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday

පහන්තුඩාව දිය ඇල්ල අසල රතිකෙළියේ යෙදුනු යුවළ සොයයි

colombotoday

අමරපුර මහා නා හිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද නිදහස් චතුරශ්‍රයේදී..

colombotoday

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නොහැකි – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් කමිටුවෙන් ඉවත්ව යයි

colombotoday

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday