Colombo Today Local News

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්වී තිබේ.

අද දින (06)දින කොරියා ජනරජයේ සූවොන් සිටි හි පැවති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපතිධුරය සඳහා පත්කර ගනු ලැබීය.

ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුර සඳහා තේරීපත්වී ඇත්තේ මේ දිනවල දකුණු කොරියාවේ සූවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්යිවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ දීය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් සහ බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.

Related posts

ETI කටයුතු අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මහ බැංකුවෙන් මෝසමක්

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday