Colombo Today Local News

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ තරුණ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුර ඊයේ (05)දින රාත්‍රියේ දඹුල්ල නිස්සංක හන්දිය තානායමේ කාමරයක තිබී සොයාගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර පදිංචි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා කුමක් සඳහා දඹුල්ලට පැමිණියේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

නීතිඥවරයකු ඇතුළු මියගිය අයගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය.

දඹුල්ල තානායමේ කළමනාකරු පවසා සිටියේ මෙම තරුණයා ඊයේ උදේ 8.30 ට පමණ තම තානායමට පැමිණි බවය.

පසුව පස්වරුව වන විට ඔවුහු රැඳී සිටි කාමරයෙන් වෙනත් විශාල කාමරයක් අවැසි බව පවසා කාමරය මාරුකරගෙන තිබේ.

රාත්‍රී ආහාරය ඇණවුම්කර තිබූ නිසා රාත්‍රී 10ට ආසන්න වෙද්දී ආහාර ලබාදීමට තානායම් සේවකයෙක් එම කාමරයට ගොස් කතා කළ ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහු කාමරයේ දොරේ සිදුරකින් කාමරය තුළ බලද්දී ඔහු ගෙල වැලලාගෙන ඇති බව දැක තිබේ.

තානායමේ කාමරයක් තුළ සවිකොට ඇති විදුලි පංකාවක ලණුවක් ගැට ගසා එම ව්‍යාපාරිකයා ගෙල වැලලාගෙන තිබූ බව වාර්තා වේ.

Related posts

බුදු පිළිමයට විරෝධය පා යාපන විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වසා දැමේ

colombotoday

මුදල් අමාත්‍යාංශය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඇමති දයා ගමගේගෙන් ඇමති මංගලට ටොක්කක්

colombotoday

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් මන්නාරමෙන් සොයාගනී

colombotoday

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

“පැයක් දෙන්නම්, ගහල පලයල්ලා… පොලිසිය කැරලිකරුවන්ට කියලා..” – කැබිනට් ඇමතිගෙන් ප්‍රබල චෝදනාවක්

colombotoday