Colombo Today Local News

නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

army33

නැගෙනහිර මහ ඇමතී අහමඩ් නසීර් සාම්පූර් නාවික නෞකා විදුර කදුවුරේ අණදෙන නිලධාරිවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීමෙන් සතියකට අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදා ප්‍රධානීනීන් අරලියග මන්දිරයට කැදවූ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර නැගෙනහිර නාවික අඥාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි කොළම නාවික හමුදා මූලස්ථානය වෙත මාරු කර යවා තිබේ.

නැගෙනහිර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ වෙනුවට පත්කොට යවා ඇත්තේ බටහිර හිටපු නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ය.

traviz sinnaiya

පසුගිය රජය සමයේ අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද නව නැගෙනහිර නාවිකආඥාපති වරයා මෛත්‍රී රනිල් ආණ්ඩුව විසින් උසස්වීමක් සමගින් නැවත සේවයේ පිහිටුවන ලද්දේ 2015 ඔක්තෝබරයේය.

මහඇමති නසීර් අහමඩ් විසින් සාම්පූර් නාවික කදවුරේ අණදෙන නිලධාරීවරයාට තර්ජණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැදවා ඇති වාර්තාව තමන් අත පත්වූ පසුව එය අධ්‍යනය කර ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමගද මේ පිළිබදව සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

Related posts

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

කුරාණය, හදීස්, ෂරියා නීතිය හැර මුස්ලිම් ජාතිකයන්ට වෙනත් නීතියක් නෑ. බහු විවහා කර ගන්නේ පිහිට වෙන්න. අසාත් සාලි තප්පුලයි

colombotoday

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday