ArticlesColombo Today Local News

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

Sunaka Sunanda

යළි හිස ඔසවමින් පවතින බෙදුම්වාදී බලවේග හා ඔවුන්ගේ න්‍යායපත්‍රවලට නැටවෙන දේශද්‍රෝහී බත්බැළයන්ගේ උවමනා එපාකම්වලට අනුව ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිද දමමින් එක පෙළට සිදුවෙමින් පැවති නින්දිත ක්‍රියාකාරකම් වැලක ආසන්නතම සිදුවීම වූ නැගෙනහිර පළාතේ මහඇමතිකම දරන අහමඩ් නසීර් නමැති අදබාලයා විසින් නැගෙනහිර ආරක්ෂක සේනාවේ ඉහළම නිළධාරියෙකුට ප්‍රසිද්ධියේ බැණවැදී තර්ජණය කිරීමේ සිදුවීමට එරෙහිව සියලු දේශප්‍රේමීන් එක පෙළට හිටගනිද්දී මෙතක් යම් තරමක නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ත්‍රිවිධ හමුදාවද සිය අවම බලය පාවිච්චි කරමින් චූදිත මහඇමතිවරයා සමග නිළ වශයෙන් පවතින රාජකාරීමය බැදීම් සියල්ල අත්හිටුවීමට තීරණයක් ගෙන ඇත.

එනිසා බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය අනුව දිනෙන් දින දියකරහරමින් පැවති ආරක්ෂක හමුදාවේ අභිමානය යම් තරමකින් හෝ යළිත් ප්‍රකෘතිමත් වීම වාවාගත ‍නොහැකිව පරළ වූ කොටි ඩයස්පොරාවේ ඩොලර්, යුරෝ මතින් තම බඩවියත සරිකරගන්නා කුළී ලියන්නෝද, ණයට කහින්නෝද ත්‍රිවිධ හමුදාවට එරෙහිව චේතිය පච අඹරමින් සිය වෛරය පිරිමැහීම දැන් අරඹා ඇත.

කොටි ඩයස්පොරාවේ මුදලින් තම පවුල නඩත්තු කරන සුනන්ද දේශප්‍රිය නමැති කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයා “නැගෙනහිර පළාතේ මහඇමතිවරයාට කිසිදු ආරක්ෂක හමුදා කදවුරකට ඇතුළුවීම ඉඩ නොදීමට සහ ඔහු සහභාගී වන උත්සවවලට ත්‍රිවිධ හමුදාව සහභාගී නොවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්” ලිපියක් පළකරමින් “නැගෙනහිර හමුදා කුමන්ත්‍රණයක් සිදුවන්නේ යැයි” යහපාලන රජයට අනතුරු ඇගවීමක් කර ඇත.

සුනන්දගේ ලිපියෙන් – (නැගෙනහිර ත්‍රිවිධ හමුදා විසින් ගෙන ඇති මෙම සාහසික පියවර ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව යුද සමයේ කරන ලද අපරාධ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ නොහැකිවීමට ඉඩ තිබේ)

හමුදාව ගත් එම තීරණය රජයේ අණසක ඉක්මවා නොයන, හමුදා නීතියට අනුකූළ එකක් බව හමුදා කුමන්ත්‍රණයක් ගැන විකාර දොඩවන මොහු නොදන්නවා විය හැකිය. නැගෙනහිර පමණක් නොව දිවයිනේ ඇති කිසිදු ත්‍රවිධ හමුදා කදවුරකට මහඇමතිවරයාව වද්දා නොගැනීමට හමුදාව තීරණය කර ඇතිබව කියන්නේ ආරක්ෂක ඇමතිවරයාමය. සේනාධිනායකවරයා සෘජුව අණදෙන ත්‍රිවිධ හමුදාව යටත් වන්නේ ඔහුගේ අණට පමණක් වන අතර හමුදාවේ රාජකාරිමය ස්වභාවය පිළිබද උපදෙස් දෙන්නට දේශපාලකයෙකුට කිසිදු සදාචාරත්මක අයිතියක් හෝ නීතිමය බලයක් නැත. එවැන් තත්ත්වයක් යටතේ නැගෙනහිර ගොං පාට් මහඇමතිවරයා සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාව ගෙන ඇත්තේ ගතහැකි අවම ක්‍රියාමාර්ගය වන අතර කොටි ඩයස්පොරාවෙන් මාස්පතා පඩි ලබන දේශඅප්‍රියලා එය දකින්නේ සාහසික ක්‍රියාවක් හා හමුදා කුමන්ත්‍රණයක පෙරනිමිත්තක් ලෙසිනි.

සිංහල දෙමළ මුස්ලිම් මෙරට සුවහසක් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින් විරෝධාර හමුදාවන් විසින් වෙළුපිල්ලේගේ වියරු ඊළාම් සිහනය නන්දිකඩාල් කළපුවේ ගිල්ලවීමෙන් පසු බඩ කට පුරා වැදුනේ බෙදුම්වාදීන්ගේ ඇගේ එල්ලී උන්ගේ කිළිකුණු බුදිමින් යුද්ධය සාමය විකුණාගෙන බඩවියත සරිකරගත් සුනන්දලා ඇතුළු කවදත් උපන් බිමට එරෙහිවූ ද්‍රෝහී නඩයටය. තවත් නිම නොවූ බෙදුම්වාදීන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් තම බඩවියත උදෙසා දර දිය අදිමින්, ත්‍රස්තවාදය පරාජයට උරදුන් සෙන්පතියන් ප්‍රමුඛ රණවිරුවන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගසා පොරකයට දැක්කවීමේ කාළකන්නි  බලාපොරොත්තුවද ඔහුගේ ලිපියේ උපුටා ගත් කොටසින් පැහැදිළි වෙයි.

හමුදා කුමන්ත්‍රණයක් ගැන දිය කොරහේ කිඹුලන් පෙන්වමින් මොහු අර අදින්නේ නැගෙනහිර මහඇමතිවරයාට එරෙහිව හමුදාව ගෙනඇති ක්‍රියාමාර්ගය ආපස්සට හැරවීමට බලපෑම් කිරීම සහ යුධ සමයේ මෙන්ද අදත් බෙදුම්වාදයට එරෙහිව සෘජුවම පෙනී සිටිමින් හමුදාව තුළ සක්‍රීය මෙහෙවරක නිතර වන මුල්පෙළේ නිළධාරීන් නිහඩ කිරීමට බලපෑම් කිරීමට බව පැහැදිළි වන කරුණකි.

සුනන්ද දේශප්‍රියගේ ඉතිහාසය දැනගන්න පහත ලිපිය බලන්න

ඇවිද්ද පය ඩොලර් වටී.. ද්‍රෝහී කට යුරෝ වටී…

sunanda-deshapriya-and-jacqueline-park-colombotelegraph1-260x300
How Sunanda Robbed The Money And NGO Accountability FMM Still Not Submitted Audited Accounts For Rs 30.9 Million

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

ඒ වෙනකක් නිසා නොව මෙයට දශකයකට පෙර වකවානුව තුල මෙරට සිටි වීරයින් මේ වනවිට ද්‍රෝහීන් බවට පත් ව තිබීමත්, එකල සිටි ද්‍රෝහීන් මෙකල වීරයින් බවට පත් ව තිබීමේ අරුමය නිසා ම ය.

එකල නිතර නිතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු විසින් ආරක්ෂක හමුදා සෙබළුන් ඇතුළු මෙරට සිවිල් ජනතාවට එල්ල කල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගිය අතර එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැකීම් වලින් පමණක් ඊනියා ජාත්‍යන්තරය අත් පිස දමා ගත් අතර එම සිදුවීම් යටපත් කරනු වස් සැණෙකින් කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට ට හෝ ලිප්ටන් වට රවුමට එකතු වන පිරිසකි.

“මාධ්‍ය නිදහස දියව්.. දමිල අයිතීන් සුරකිව්..” යනාදී සටන් පාඨ රැසකි. බටහිරයෝ විසින් තම ඉඳුලට නම්මවා ගත් නරුමයෝ රැළකි. ඒ අතරේ සිටින “මෙරට මහා මාධ්‍ය ඔස්තාර්” යැයි කියා ගත් සුනන්ද දේශප්‍රිය නැමැත්තෙක් වේ. හේ අන් කවරෙක් හෝ නොව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි හැඳින්වූ සංවිධානයේ කැඳවුම්කරු විය. බටහිරින් ලැබෙන ඩොලරය මේ නිර්ලජ්ජිතයින්ට කෙතරම් වටී ද යත් ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම නොව සිය මව් වුවද විකිණිය හැකි මේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් පසු කලක දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්වාදීන්ගෙන් පඩි ගන්නා තත්වයට ම නපුංසක වී සිටිය හ.

සුනන්ද දේශප්‍රිය නම් පුද්ගලයා ගැන අප මේ තව තවත් කතා කරන්නේ, ඉතිහාසයට එක්වන මෙවන් ද්‍රෝහීන් පිලිබඳ හැකි තරම් ලිඛිත සටහන් සයිබරය පුරා විසිරුවා තැබීමට මිසක් මේ නිර්ලජ්ජිත හිඟන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමට නොවේ,. 2009 වර්ෂයේ දී ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම විදේශයකට පැන ගිය මේ ද්‍රෝහියා ගේ “දේශයට හතුරු” ක්‍රමවේදය අදටත් ඒ ඒ රටවල සිට දියත් කරන්නේ, “ඩොලරය” නිසාම මිස වෙන යම් දේකට නොවේ.

පසුගියදා ජිනීවා හි ජගත් මානව හිමිකම් සැසියේ දී දක්නට ලැබුණු මේ නිර්ලජ්ජිතයාගේ සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය යළිත් එළි දැක්විණි.

තමාට උපන් දේශයට එරෙහි ව ඉතා නිර්ලජ්ජිත අයුරින් ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රියා කිරීම මේ ද්‍රෝහියාට “හරි ලොකු” වැඩක් වන්නට පුළුවන.. ඒත් සුනන්ද දේශප්‍රියගේ මේ ද්‍රෝහී ක්‍රියාපිළිවෙතට නියම උත්තරය සැපයුවේ මාලදිවයිනෙනි. ඒ මාලදිවයින් ජනපතිවරයාගෙන් කිසිවිට ලැබේ යැයි කියා නොසිතූ ප්‍රතිචාරයකිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට මාලදිවයින් ජනපතිවරයාට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්ණ කල සුනන්ද දේශප්‍රිය නම් මොහුට පෙරළා මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාව පිලිබඳ තමාගේ ඇති දැනුම ද සමගින් ප්‍රතිචාර දැක්වුයේ,

“ඔබේ මව් රටට එරෙහිව මේ අයුරින් ක්‍රියා කිරීම කෙතරම් නිර්ලජ්ජිත ද?” යන්න විමසීමෙනි.

– දීප්ත

 

Related posts

මත්කුඩු කිලෝ 756ක් අද කැළණියේදී විනාශ කෙරේ…

colombotoday

මුදල් ඇමති, තෙල් ඇමතිගේ කනෙන් රිංගලා.. නොකියාම තෙල් බදු වැඩි කරලා !

colombotoday

මොරටුවේ වඩු කාර්මිකයෝ නගර සභාව වටලයි

colombotoday

ඊයේ රාත්‍රියේ කලවානේ 18ක ගෙන් ගත් සියලු පී.සී.ආර් සාම්පල පොසිටිව්.. සතිපොළ වසාදමයි

colombotoday

ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාස

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday