Colombo Today Local News

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත.

සහල් සඳහා පාලන මිලක් රජය විසින් පනවනු ලැබුවද ,ඇතැම් වෙළඳුන් සහල් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් ඊයේ(06) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා වෙළඳ ඇමතිවරයාට මෙම උපදෙස් දී ඇත.

මේ අතර ,මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිල යටතේ සහල් අලෙවි නොකරන්නේ නම්, ඒවායේ ගබඩා රජයට පවරා ගෙන හෝ පාලන මිලට සහල් ලබා දෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Related posts

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin

උතුරේ විපතට පත්වූවන්ට කඩිනමින් වන්දි ගෙවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

සජිත්ගේ අලුත් සන්ධානයට එජාපයෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

colombotoday