Colombo Today Local News

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

ණය ආපසු ගෙවීම ඇතුළු ලබන වසරේ අයවැය පරතරය පියවීම සඳහා රුපියල් බිලියන 1944ක ණය ලබා ගැනීමට සිදු වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ලබන වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644ක් වනු ඇතැයි අපේක්ෂිත ය.

එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1%කි.

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අද නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ලබන වසරේ ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 2057ක් වැය වන බව ය.

එය ඉතිහාසයේ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට වැය කරන වැඩිම මුදල බව අමාත්‍යංශය පවසයි.

ලබන වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට අනුව අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 175කි.

දකුණු අධිවේගී මාර්ගය මත්තල දක්වා සංවර්ධනය කිරීම, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය අතර කොටස නිම කිරීම, මධ්‍යම අධිවේගී මාර්ගය කඩවත මීරිගම කොටස හා පෑලියගොඩ සිට කොළඹ වරාය දක්වා කණු මත ඉදිවන වරාය පිවිසුම් මාර්ගය සඳහා මේ මුදල් වැය කරනු ඇති.

මොරගහකන්ද හා උමා ඔය ව්‍යපෘති අවසන් කිරීම සඳහා තවත් රුපියල් බිලියන 75ක් වෙන් කෙරෙන අතර ග්‍රාම ශක්ති, ගම්පෙරළිය හා එක ගමකට එක වැඩක් ව්‍යාපෘති සඳහා තවත් රුපියල් බිලියන 63ක් වෙන් කර තිබේ.

පෑලියගොඩ, අලුත්පාලමේ සිට ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ගය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 5කි.

ආරක්ෂක අමාත්‍යංශයට මෙවර රුපියල් බිලියන 306ක් වෙන් කර ඇති අතර එය මෙවරත් වෙන් කර ඇති වැඩිම මුදල බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

පළාත් සභාවල එදිනෙදා වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 221කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට ලබන වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 4376කි.

මෙවර අයවැය යෝජනා නොවැම්බර් මස 5 වන දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

Related posts

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday

විරෝධය තාවකාලිකව නවතී.. මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි

colombotoday

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

colombotoday

කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin