Colombo Today Local News

“ආර්ථික අර්බුදයට කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක් ඇති විය හැකි”

ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා අද (4)දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන එළියේ සිටින අයට හරි අවබෝධයක් තිබේ යැයි තමා නොසිතන බව කී මුදල් අමාත්‍යවරයා පක්ෂ පාට වලට බෙදී සටන් කරනවා වෙනුවට කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය නගා සිටුවීම සඳහා යම් ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීමට සියලු පක්ෂවලට ජාතික වගකීමක් තිබෙන බවද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට කටයුතු කර තිබෙන බවද නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

සමෘද්ධි සහනාධාර ජූලි 1 වැනි දා සිට – සමෘද්ධි ලැබෙන හැටි මෙන්න

Admin

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි

colombotoday