Colombo Today Local News

වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි

යාපනය – පේදුරුතුඩුව පාරේ වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් යටකර පලායාමට උත්සාහ කළ කැබ් රථයකට සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ස්වාභාවික වැලි නිධියක් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම මාර්ග බාධකය පවත්වාගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයකට නැවතීමට කළ සංඥා කළ අවස්ථවේ පොලිස් නිලධාරීන් යටකර පළා යෑමට තැත් කළ අවස්ථාවේදී කැබ් රථය මාර්ග බාධක දෙකක් කඩගෙන ඉදිරියට ධාවනය කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම වෙඩි ප්‍රහාර මධ්‍යයේ නොනවත්වා ධාවනය කර තිබූ කැබ් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනකු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වි ඇති අතර ඔවුන් වෙඩි වැදීම් තුවාල ඇති බවට සනාථ වී ඇතැයිද ඔවුන් වයස අවුරුදු 23 සහ 26 බවට වාර්තාවි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

ඔවුන් ගමන් ගත් කැබ් රථය සොයා මේ වන විට පේදුරුතුඩුව පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday