Colombo Today Local News

සමෘද්ධි සහනාධාර ජූලි 1 වැනි දා සිට – සමෘද්ධි ලැබෙන හැටි මෙන්න

සමෘද්ධි සහනාධාරය ජූලි 1 වැනි දා සිට ලබා දෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මෙය මහ බැංකුව පිළිගන්නා ඕනෑම බැංකුවක් හරහා ලබාගත හැකිය.

සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණය පසු ගිය 31 වැනි දායින් අවසන් වූ අතර මේ වනවිට එය ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවකින් පරීක්ෂා කිරීම් සිදු කරනු ඇති.

මෙම සමෘධි සහනාධාරය ”අන්ත දුගී” සහ ”දුගී” ලෙස වර්ග දෙකකට දෙනු ලබයි.

”අන්ත දුගී” පිරිසට රුපියල් 15,000 ක මුදලක් සහ ”දුගී” පිරිසට රුපියල් 8500 ක මුදලක් ලබාදීමට නියමිතය.

මෑත කාලයේ ආර්ථිකය කඩා වැටීමත් සමග ඇති වූ ගැටලු නිසා ”අවදානමට ලක් වූ” සහ ”සන්ක්‍රාම්තික” වශයෙන් වර්ග දෙකක් යටතේ ද සමෘද්ධි සහනාධාරය ලබා දෙයි.

”අවදානමට ලක් වූ” වර්ගයට රුපියල් 5000 ක මුදලක් සහ ”සන්ක්‍රාම්තික” වර්ගයට රුපියල් 2500 ක මුදලක් ලබා දීමට නියමිතය.

Related posts

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

ප්‍රධාන පාම් ඔයිල් ආනයන සමාගම් දෙකක් කළ කෝටි 613ක පාඩුව

colombotoday

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin