Colombo Today Local News

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී පැවතුණි.

මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇති.

Related posts

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

වන සංහාරයට, ජාතිවාදී ජනපදකරණයට එරෙහිව මුලතිව් වැසියෝ වීදි බසිති ! (Photo)

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

ගෝඨාට ඡන්දය දෙන්න කිසිදු බාදාවක් නෑ

colombotoday