Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිට ලක්ෂයක පඩියක්.. මාසෙට ඉන්ධන ලීටර් 225ක්.. ජනපතිගේ යෝජනාව සම්මතයි

අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා වූ යෝජනාව අද(04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම යෝජනාව මඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට නියමිතයි.

අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් සඳහා මාසිකව රුපියල් 75,000ක දීමනාවක් ද දුරකථන දීමනාවක් ද, ප්‍රවාහන දීමනාවක් ද ලබාදීමට යෝජනා වී තිබේ.

අදාළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙයි.

Related posts

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

colombotoday

කරුණාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ ප්‍රතිචාරය

colombotoday

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday