Colombo Today Local News

“සර් අද උදේ ගහනව. මොකද කරන්නේ”.. “අපි බලාගන්නම්. තමුසේ සද්ධනැතිව ඉන්නවා” අරගලකරුවන්ට පහර දීමේ අනුබලය දේශබන්දුගේ ලු

ඊයේ (09)දින ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධිය සැලසුම් කිරීමට සැක පිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයා හමුවේ ලිපියක් බාරදී ඇතැයි වාර්තා වේ.

ගෝල්ෆේස් අරගල භූමියට පහර දීමට මැර කණ්ඩායම් සූදානම් වන බව ආරංචි වී ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අනෙකුත් නිලධාරීන් දේශබන්ධු තෙන්නකෝන්ගෙන් විමසූ විට ඊට ක්‍රියාමාර්ග ගන්නා අයුරු තමන් දන්නා බව දේශබන්දු පවසා ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි ඊයේ (09) උදෑසන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙනුවෙන් සූම් හරහා සාකච්ඡාවක් තිබී ඇත. එම සාකච්ඡාවේදී ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බව කියවෙන ජවුෆර් විසින් “ සර් අද උදේ ගහනව. මොකද කරන්නේ “ කියා විමසු බවත්, එහිදී දේශබන්දු තෙන්නකෝන් විසින් , “ ඒ ගැන අපි බලාගන්නම්. තමුසේ සද්ධනැතිව ඉන්නවා” ලෙස ප්‍රකාශ කල බවත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ එය දැඩි කතා බහකට ලක්ව තිබුණු බවත් වාර්තා වේ.


කෙසේ වෙතත් ඊයේ අරගල භූමියේ අරගලකරුවන්ට පහර දෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමගින් දේශබන්දු තෙන්නකෝන් සිටින අයුරු ඡායාරූප හා වීඩියෝ දර්ශන ඔස්සේ දක්නට ලැබුණි.

Related posts

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

පෞද්ගලික මූල්‍ය ආයතන පහකට සීල් තබයි

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පළමු දිනයේදීම ලංකාවට පදක්කම් දෙකක්

colombotoday

ජනපතිවරණ හංස පක්ෂයේ සභාපති විදුලියත් හොරට අරන් !

colombotoday

“මාස 14යි, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.. ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට එරෙහිව වීදි බහිනවා” – ආනන්ද හිමි

colombotoday

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday