Colombo Today Local News

මාතරදී කොල්ල කල්ලියක් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්… වෙඩි පහරින් පොලිස් නිලධාරියෙක් මරුට

පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර අද පෙරවරුවේදී මාතර නගරයේදී වෙඩි හුවමාරුවක් සිදු විය.

නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම සදහා පැමිණ සිටි පිරිසක් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

මෙයින් තුවාල ලත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

කොල්ල කල්ලියේ පුද්ගලයන් හය දෙනෙකු පමණ සිටි බවද සදහන්ය.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් යමින් සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.

Related posts

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday

තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අගවයි

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin