Colombo Today Local News

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා ඊයේ (7) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම නෞකාවේ ඩීසල් තොගය හෙට (8) පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවත් එම නිලධාරියා සදහන් කරයි.

මෙම නෞකාව පසුගිය මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වුවද එය නිදහස් කරගැනීමට ඛනිජ සංස්ථාවට ණයවර ලිපි විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීමෙන් මුහුදේ නවතා තිබුණි.

Related posts

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday