Colombo Today Local News

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විදේශ ගතවීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා, ගුවන් තොටුපළ බලධාරීන් හා රාජ්‍ය බුද්ධි අංශ වෙත යැවීමට පියවර ගන්නා ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරියට නියෝග කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා රට තුළ හා මහ බැංකුවේ පසුගිය සමයේ සිදුවූ විවිධ අක‍්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව රටින් පලායාමේ සූදානමක් ඇති බවත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත‍්‍රි ගුණරත්න මහතා පෙනී සිටියේය.

Related posts

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

colombotoday

අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Admin

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

අවුරුද්දක් වැටුප් නොගෙන වැඩ කරන්න ඇමතිවරු තීරණය කරති

colombotoday