Colombo Today Local News

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීල.නි. පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.

වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් එම අමාත්‍යවරුන් හතරදෙනා ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කෙරේ ආණ්ඩුවට විශ්වාසය භංග වී ඇති බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනා දහසයක් අද (06දා) කතානායකවරයාට භාරදෙන බව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ඊයේ පැවැසීය.

අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන්ටත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරනාත් බස්නායක යන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් විරුද්ධව වෙන වෙනම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවට මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

-‘මව්බිම’

Related posts

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නංවන්න ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසකගෙන් සහය

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

අද සිරකරුවන්ගේ දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩට

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

මංගල ඉරාජ් ගැටෙයි : ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි – මංගල කියයි

colombotoday

රහස් ඡන්දයේදී විපක්ෂයට අලුතින් 3ක් එක්වෙයි

colombotoday