Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නංවන්න ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසකගෙන් සහය

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය සඳහා තොරතුරු තාක්ෂණ වැඩ පිළිවෙළක් හඳුන්වා දීමට ජපානයේ ව්‍යපාරික පාසලක නියෝජිත පිරිසක් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය උදෙසා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක් හඳුන්වා දීමට ජපානයේ KBS – KEIO ව්‍යාපාරික පාසල( Business School)එකඟත්වය පළ කර තිබේ.

මෙරට කෘෂිකාර්මික අංශය ඉහළ ආදායමක් ඉපයිය හැකි අංශයක් බවට පත් කිරීම සහ අපනයනය ප්‍රවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණික ප්‍රවේශයක අවශ්‍යතාවය මෙම නියෝජිත පිරිස අවධාරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සුහුරු වගාව/සුහුරු කෘෂිකර්මාන්තයක් යන තේමාව ඔස්සේ මෙරට වගා කෙරෙන එළවළු, පලතුරු හා කුළුබඩු ද්‍රව්‍ය විදේශ වෙළෙඳ පොලට අපනයනය කිරීම සදහා තවදුරටත් සංවර්ධනය කළ යුතු අංශ සම්බන්ධව එම නියෝජිත පිරිස අදහස් පළ කර ඇත.

ජපාන නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරී පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය පිළිබඳ සාකච්ඡා කර තිබේ.

Related posts

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන මානව හිමිකම් වාර්තාව භාරදෙයි

Admin

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

මහින්ද රාජපක්ෂ තෙල් මිල අඩු කර ඇත්තේ මට පිංසිදුවෙන්නටයි… මම හිටියනම් තව අඩුකරනවා…

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday