Colombo Today Local News

අගමැති ඉල්ලා අස්වෙන්න බෑ කියයි.. SLFP ඡන්දය අගමැතිට එරෙහිවයි

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පදවියෙන් ඉල්ලා අස්වන මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

අඟහරුවාදා (අප්‍රේල් 03) පැවති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවෙන් අනතුරුව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාව අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ බව එම හමුවට එක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

එයට ප්‍රතිචාර වශයෙන්, අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තවදුරටත් කටයුතු කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ තීන්දුව යයි ඔවුන්ට දැනුම්දීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් කටයුතු කළ බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය එස්බී දිසානායක පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ ඒකමතික අදහස අගමැතිවරයාට දැනුම් දුන් බවය. අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය.

– BBC

Related posts

පොඩි මැණිකේ පිලීපනී

Admin

ජනමාධ්‍ය ආයතනයවලට ඉන්ධන ඉල්ලයි

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

colombotoday

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

Admin