Colombo Today Local News

බලයට පැමිණි ආණ්ඩුවට ඉඩ දෙන්න. උද්ඝෝෂණය නවත්වන්න – පැල්පොළ විපස්සි හිමි

ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්න තිබියදී මේ රට කවදාවත් ගොඩනැඟිය නොහැකි බව පැල්පොළ විපස්සි පදනමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොළ විපස්සි විහාරස්ථානයේ විහාරාධිපති, ජාතික විද්වත් සංසදයේ අනුශාසක පැල්පොළ විපස්සි හිමියෝ සඳහන් කළහ.

කිනම් පුද්ගලයකු නායකත්වයට පැමිණියද, කිසියම් පක්‍ෂයක් බලයට පැමිණියද ජාතිවාදී, ආගම්වාදී අදහස් ඇතුව ජීවත් වෙනතාක් මේ රට කිසිදු විටෙක ගොඩනැඟිය නොහැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

වර්තමානයේ රටේ උද්ගත වී ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය වාතාවරණය පිළිබඳ ජාතික විද්වත් සංසදයේ මතය ප්‍රකාශ කරමින් ඊයේ (19දා) බොරැල්ල පැල්පොළ විපස්සි පදනමේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පැල්පොළ විපස්සි නාහිමියෝ,
ජපානය ඉතා පුංචි රටක්. ඒ රටේ ව්‍යවස්ථාවේ සම්පූර්ණ පිටු ගණන 57යි. අපිට නිදහස ලැබිලා වසර 70ක් ගත වුණද තවමත් ව්‍යවස්ථාව හදාගන්න බැරි වෙලා තියෙනවා. මේ පුංචි රටට ලොකු ව්‍යවස්ථා අවශ්‍ය නෑ. පුංචි ව්‍යවස්ථාවක් මඟින් මේ රට හදන්න පුළුවන්.

අපේ දේශපාලන පක්‍ෂ හැම එකකම උදාර නායකයන් ඉඳලා තියෙනවා. ඩී.එස්. සේනානායක, බණ්ඩාරනායක, ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජේ.ආර්. ජයවර්ධන ආදී උදාර නායකයෝ හිටිය අද අපේ රටේ ඉන්නේ ඉතාම ටික දෙනයි. කොයි පක්‍ෂයේ හිටියත් ඒ වටිනා නායකයන් අපට වටිනවා. අපි ඒ අය ආරක්‍ෂා කළ යුතුයි. දේශපාලන වශයෙන් විවිධ අදහස් තිබිය හැකියි. නෙගටිව්, පොසිටිව් කාරණා දෙක තුළ තමයි ලෝකය පවතින්නේ. මේ පුංචි දේශය අපි කවුරුත් එකතු වෙලා හදාගන්න අපි කල්පනා කළ යුතුයි.

අපිට ආගම් තුන හතරක් තිබුණද රට තුළ හික්මීම, විනය නෑ, ඉවසීම නෑ, ගුණගරුකභාවය නෑ, මගේ රට කියන හැඟීම නෑ, පායන හිරු අහස පොළොව පොදු වස්තුන්ය. වැස්ස, සුළඟ, අපිට පොදුයි. මේවා බෙදාගෙන සාමකාමීව ජීවත් වේ නම් මේ ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා.

පාලි භාෂාව බුදුන් වහන්සේ එදා පිළිගන්නේ ජාතිවාදය පිටුදැකීමට අවශ්‍ය නිසායි. ආගම්වාදය, කුලවාදය, ජාතිවාදය උන්වහන්සේ පිටු දැක්කා. පුංචි ලංකාවේ අපිත් ජාතිවාදී, ආගම්වාදී බැහැර කරලා කවුරුත් මනුෂ්‍යයෝය කියලා සිතා කටයුතු කරමු.

කොයි නායකයාත් අපිට වටිනවා. නායකයන් එළවා ගන්න හොඳ නෑ. කොයි කෙනා තුළත් හොඳ නරක තියෙනවා. දුර්වලකම් නොවෙයි අපි බලන්න ඕනේ. වටිනාකම් තමයි බලන්න ඕනේ. ඒ අය රැකගත යුතුයි. කවුරුත් එකතු වෙලා හොඳ ව්‍යවස්ථාවක් හදලා රට ඉදිරියට ගෙන යමු. දේශපාලන බැනගැනීම් දැන්වත් නතර කරමු. එමඟින් කිසිම වැඩක් වෙන්නේ නෑ. බලයට පැමිණි ආණ්ඩුවකට යන්න ඉඩ දෙන්න ඕනේ. මේ දින 365ම උද්ඝෝෂණය කරනවා. උද්ඝෝෂණවලටත් නිශ්චිත දිනයක් ලබා දිය යුතුයි. මෙහෙම රටක් දියුණු කරන්න අමාරුයි.

Related posts

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

colombotoday

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

“ගිය ආණ්ඩුව මොනව හොරා කෑවත් අවුරුදු 10ක් පොහොර සහනාධාරය දුන්නා.. සල්ලි එපා පොහොර දියව්” – ගොවීන් විරෝධයේ

colombotoday

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday