Colombo Today Local News

‘ගොං කතාවලට උත්තර අහන්න එපා’ – ෆොන්සේකාගේ කතාවට මහින්ද උත්තර දුන් හැටි (VIDEO)

mahinda rajapaksha

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 10 ජාත්‍යත්තර හෙද දිනය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගී විය.

උත්සවය නිම වී ශාලාවෙන් පිටතට පැමිණි රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අදහස් විමසූහ.

එක් මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ පසුගිය දා හමුදා ආරක්ෂාව ඉවත් කර පොලිස් ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් සතුටු ද යන්නයි.

එයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා පැවසූවේ එයට සතුටු විය යුත්තේ තමා නොව වෙනත් අය බව යි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහු ඉලක්ක කොට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ඔහු විසින්ම පුපුරවා ගන්නා ලද්දත් බවට පසුගිය දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද මාධ්‍යවේදීහු මෙහි දී විමසා සිටියහ.

“ගොං කතාවලට උත්තර අහන්න එපා” යනුවෙන් එහි දී හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ ය

[fbvideo link=”https://www.facebook.com/achcharuwa.page/videos/1723446921203189/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

රවීට යළි කැබිනට් ඇමතිකමක් – එජාප දේශපාලන කමිටුවේ තීන්දුවක් !

colombotoday

“මට කෝටියක් ලැබුණු බව ඇත්තයි.. සාමාන්‍ය අයට වඩා අපට වරප්‍රසාද හිමියි“ – රාජිත

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

ජාතික ගීය දෙමළෙන් ගයා, කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් තමන්ට ඇතිබව ජනපති පෙන්වූවා – මුස්තාෆා

colombotoday