Colombo Today Local News

දැවැන්ත මූල්‍ය වංචාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

බරපතල මූල්‍ය අපරාධ කිහිපයක් සිදුකළ ශ්‍රී ලන්කා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමණාකරු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ බ්‍රයන් තෝමස්  කොලඹ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩන්ගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින් සහ දේශපාලකයින්ගේ නෑ හිතවතුන් ඇතුලු විශාල පිරිසකට මොහු විසින් මූල්‍ය වන්චා සිදු කර ඇති බව වාර්තා වන අතර, මොහු විසින් සිදු කරන ලද මූල්‍ය වන්චා රුපියල් බිලියන ගණනක් වන බව පැවසේ. සැකකරුගේ මූල්‍ය වන්චාවට හසුවූ පුද්ගලයින් විසින් දිගින් දිගටම කරන ලද පැමිණිලි අනුව පොලිසිය විසින් සැකකරු අත් අඩන්ගුවට ගෙන ඇත.

පසුගියදා අත් අඩන්ගුවට ගන්නා අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ සැකකරු ව්‍යාජ රෝගී තත්ත්වයක් මවා පාමින් මේ වන විට බන්ධනාගාර රෝහලට මාරු වී ඇති බව ද වාර්තා වේ.

දැවැන්ත මූල්‍ය වන්චා කිහිපයක් සිදු කිරීමට අමතරව ඔහු විසින් විවිධ ව්‍යාපාර ගනුදෙනු පෙන්වීම සදහා කූටලේඛන ද තනා ඇති අතර, එම ලේඛන යොදා ගනිමින් ව්‍යාජ ව්‍යාපාරයක් සදහා සමජයේ මුදල් ගැවසෙන විවිධ පුද්ගලයින් ඔහුගේ ව්‍යාපාරයේ ආයෝජනයට පොළඹවා ගෙන ඇත. සැකකරුගේ ව්‍යාජ ව්‍යාපාරයේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෙකු පැවසුවේ සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ද සැකකරුගේ ව්‍යාපාරයේ ආයෝජනය කළ බවට ව්‍යාජ තොරොතුරු ඇතුලත් ලේඛන මෙන්ම දැවැන්ත ආයෝජන සහ ඒවායෙන් ලැබෙන ඉතා ඉහළ ලාභ පිළිබද තොරතුරු ඇතුලත් ලේඛන ඔහු විසින් ඉදිරිපත් කොට ආයෝජකයින්ගෙන් බිලියන ගණන් මුදල් ලබා ගත් බවයි.

කෙසේ වෙතත් සැකකරුගේ ව්‍යාජ ව්‍යාපාරයේ විශ්වසනීයත්වය තහවුරු කිරීම පිණිස ආයෝජනය සිදු කර මාස දෙකක තුනක් යනතුරු ආයෝජකයිනට ලාභාන්ශ ගෙවා ඇති අතර, තමාට ලැබුණු ඉහළ ලාබාන්ශ පිළිබද පැහැදී විශාල ලෙස සැකකරුගේ ව්‍යාපාරයේ ආයෝජන සිදු කර ඇත. පසුව සැකකරු විසින් ලාභාන්ශ ගෙවීම පැහැර හැර ඇති අතර, ආයෝජකයින්ව දිගින් දිගටම මග හරින ලදී. කෙසේ වෙතත් මේ හේතුවෙන් ආයොජකයින්ට තම ලාභාන්ශ මෙන්ම ආයෝජනය කරන ලද මුදල් සම්භාරයද අහිමි වී ඇත.

සැකකරු 2015 වසරේ සිට මෙම මුදල් වන්චාවේ යෙදී ඇති අතර මෙසේ ආයෝජකයින් රවටා ලබා ගත් මුදල් පිට රට වලට යවා ඇති බවද පැවසේ.  සැකකරු මැයි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

පංචමී හේවාවිසෙන්ති

Related posts

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

මහශිව රාත්‍රීය උදාවේ මන්නාරමේ හින්දු කෝවිල්වටල ප්‍රහාර.. බුදු පිළිම, ශිව, ගණදෙවි පිළිම පැහැරගෙන යති

colombotoday