Colombo Today Local News

ෆේස්බුක්, වට්ස්ඇප් තහනම් කර, හානිය අඩු කරගන්නා හැටි අපි ලෝකෙටම ආදර්ශයක් දුන්නා – අගමැති කියයි

පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රටේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළීබදව කතා බහ ඇතිවියි.

එහිදී සමාජ මාධ්‍ය තහනම පිළිබදවද කරුණු කතාබහට ලක්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,

” දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා”

“ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” යන්නයි.

සමාජ මාධ්‍ය තහනම ගැන පුළුල් විග්‍රහයක් කරමින් නවීන් දිසානායක මහතා කියා සිටියේ, මේ පිළිදව තව දුරටත් කල්පනා කර බැලිය යුතු බවයි, “සමාජ වෙබ් අඩවි නවත්තපු එක ගැන අපි ටිකක්‌ කල්පනා කරන්න ඕන. මේවයින් හුඟක්‌ දෙනෙක්‌ වැඩ ගන්නවා. සීමිත පිරිසක්‌ තමයි මේවා නරක දේවල් වලට යොදා ගන්නේ. ඉතින් මේ සීමිත දෙනාගේ වැඩ නිසා මුළු රටකම ඉන්න ජනතාවට තමන්ගේ අයිතියක්‌ අහිමි වුණා.” යැයිද දිසානායක මහතා කියා සිටියේය.

Related posts

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කරන්නේ නෑ – ජනපති

colombotoday

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday