Colombo Today Local News

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

මැතිවරණ පරාජයෙන් පසුව මේ වන විට ඇතිව තිබෙන අර්බුධකාරී තත්තවය මත ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබදව තීරණයක් ගැනීමට කමිටුපත් පත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගතාවයකට පැමිණ තිබෙනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ රාත්‍රියේ ඇගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරවයි.

ඊයේ දිනයේදී ඇමරිකානු සහ ඉන්දීය තානාපතිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරා හමුවී දන්වා ඇත්තේ රට අස්ථාවර වීම වළක්වා ගැනීම සදහා කටයුතු කරන ලෙසත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසය.

ඒ අනුව බොහෝ දුරට කිහිප දෙනෙකු හැරුණු කොට සුපුරුදු පරිදි අමාත්‍ය ධුරයන් වල රැදී සිටිමින් ඉදිරි වසර දෙකද වත්මන් ආණ්ඩුව එලෙසම පත්වාගෙන යෑමට කටයුතු කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

Related posts

ඥානසාර හිමියන් රට, ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා – මහනායක හිමි

colombotoday

මද්දුම බණ්ඩාරගෙන් දැඩි දේශපාලන තීන්දුවක්

colombotoday

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin